ඩීසල් සහ භූමිතෙල් VAT බදු වැඩිවීමෙන් නිදහස්

යෝජිත 18%ක එකතු කල බද්ද මත සිදු කළ වැඩි කිරීම් ඩීසල් සහ භූමිතෙල් සඳහා බලාත්මක නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඊයේ (24) පාර්ලිමේන්තුවේදී පවසා තිබෙනවා.
අමාත්‍යවරයා පැවසුවේ දෙසැම්බර් 10 වන දා යෝජිත වැට් බද්ද වැඩි කිරීමේ අවසන් තීරණය ගැනීමට නියමිත අතර භූමිතෙල් සහ ඩීසල් වැට් බද්දෙන් නිදහස් කිරීමට අවධානය යොමූ වී ඇති බවයි.
එසේම හම්බන්තොට ප්‍රදේශයේ ශ්‍රී ලංකාවේ දෙවන තෙල් පිරිපහදුව ඉදිකිරීම ලබන මාසයේ ආරම්භ කරන බවද පවසා තිබෙනවා.
මෙලෙස ලබන මාසයේදී ප්‍රධාන විදුලි ව්‍යාපෘති හයක් අවසන් කිරීමට රජය කටයුතු කරන බවයි අමත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ.

