මෙරට දරුවන් මැලේසියාව හරහා පිටරටට යවන ජාවාරමක්

මෙරට දරුවන් මැලේසියාව හරහා පිටරටට යවන ජාවාරමක්

මෙරට ළමුන් මැලේසියාව හරහා වෙනත් රටවලට යැවීමේ ජාවාරමක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා

පොලිසිය පැවසුවේ සිදුකරන ලද විමර්ශනයේ දී උතුරු, නැගෙනහිර ප්‍රදේශවල පදිංචි අවුරුදු 18ට අඩු දමිළ ජාතික ළමුන් මැලේසියාව වෙත යවන බවට හඳුනාගෙන ඇති බවයි

මෙරටින් මැලේසියාවට යාම සඳහා අදාළ ළමුන් නීත්‍යානුකූල විදේශ ගමන් බලපත්‍රයක් භාවිත කරන අතර මැලේසියාවේදී ව්‍යාජ ගමන් බලපත්‍ර සකස් කර ප්‍රංශය, බ්‍රිතාන්‍ය යන රටවල් වෙත යොමු කරන බවටයි අනාවරණය වී ඇත්තේ

මෙවැනි ආකාරයට මේ වනවිට මෙරටින් ළමුන් 13 දෙනෙකු පමණ මැලේසියාවට පිටත්කර ඇති බවත් අතරමැදි ජාවාරම්කරුවෙකු සම්බන්ධ වී සිටින බව ද තොරතුරු අනාවරණය වී තිබෙනවා

ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරන බව සඳහන්

COMMENTS