විකිරණවේදීන් අදත් අකුරට වැඩ

විකිරණවේදීන් අදත් අකුරට වැඩ

රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය මහරගම අපේක්ෂා රෝහලේ ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය තුන්වන දිනටත් අද(08) ක්‍රියාත්මකයි.

ඒ අමතර සේවා සඳහා සිදු කළ ගෙවීම් නැවත අය කරගැනීමට සහ ඉදිරි ගෙවීම් කප්පාදු කිරීමට විරෝධය දක්වමින්.

මේ සම්බන්ධව හිටපු සෞඛ්‍ය ලේකම්වරයා නිකුත් කර ඇති ලිපිය ඉවත් කරගන්නා ලෙස බල කරමින් පෙරේදා(06) මෙම සංගමය වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කළා.

COMMENTS