කුරුණෑගල හිටපු නගරාධිපතිට සිරදඬුවම්

කුරුණෑගල හිටපු නගරාධිපතිට සිරදඬුවම්

කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු විත්තිකරුවන් 5 දෙනෙකුට බරපතළ වැඩසහිත වසර 3ක සිරදඬුවම් නියම කළා.

ඒ කුරුණෑගල මහාධිකරණය විසින් අද (14) දුන් තීන්දුවක් අනුවයි.

කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි පුරාවිද්‍යා වටිනාකමක් සහිත “බුවනෙකබා රාජ සභා මණ්ඩපය” සහිත ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම දඩුවම ලැබුණා.

ඒ අනුව සිර දඩුවම් ලැබුණේ මේ අයටයි,

කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ
හිටපු නාගරික කොමසාරිස් ප්‍රදීප් තිලකරත්න
හිටපු නාගරික ඉංජිනේරු චමින්ද බණ්ඩාර අධිකාරි
වැඩ පරීක්ෂක ඉලාලුඩීන් සුල්ෆිකාර්
බැකෝ යන්ත්‍ර ක්‍රියාකරු එස්.පී.ලක්ෂ්මන් ප්‍රියන්ත

ඔවුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර ගොනුකර තිබුණා.