අපේ කිල්මිෂා රට බබළවයි

ඉන්දියාවේ – තමිල්නාඩුවේ ජනප්රිය පෞද්ගලික රූපවාහිනියක් විසින් පවත්වනු ලැබූ සංගීත වැඩසටහනකින් ලක්මවට කිරුළු පැළදවීමට ශ්රී ලංකාවේ දියණියක් වන කිල්මිෂා සමත් වුණා.
ඉන්දියාවේ රියැලිටි වැඩසටහනක ප්රථම ස්ථානය දිනූ පළමු ශ්රී ලාංකිකයා බවට කිල්මිෂා මෙම ජයග්රහණයත් සමඟ පත් වුණා.
මාස කිහිපයකට පෙර ආරම්භ වූ මෙම සංගීත වැඩසටහනට ලංකාවෙන් දෙදෙනෙක් සහභාගි වුණා.
අශානි නම් දියණියක් සහ කිල්මිෂා වැඩසටහනට සහභාගි වෙමින් තම දක්ෂතා එළිදැක් වූ අතර, මෙයින් කිල්මිෂා අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබුවා.
අශානි අවසන් මොහොතේ තරඟයෙන් ඉවත්වන්නට සිදු වුණා.
ඊයේ (17) අවසන් මහා තරඟය චෙන්නායි නේරු ගෘහස්ථ ක්රීඩාංගණයේ දී පැවැත්වුණා.
එම තරඟයෙන් අනතුරුවයි ඇය මෙම ජයග්රාහණය හිමිකර ගත්තේ.
කිල්මිෂාට My News Lanka අපෙන් උණුසුම් සුබපැතුම්…!

