හිටපු සෞඛ්‍ය ලේකම් අත්අඩංගුවට

හිටපු සෞඛ්‍ය ලේකම් අත්අඩංගුවට

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු අද තුන්වන වතාවටත් ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.

පසුගිය 30 වනදා දෙවනවරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අවස්ථාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත පැය 4කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා දී පිටත්ව ගොස් තිබුණා.

ප්‍රමිතියෙන් තොර ඉමියුනෝග්ලොබියුලින් එන්නත් ආනයනය කිරීමේ සිද්ධියට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක ඇතුළු 04 දෙනෙකු ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතව පසුවෙනවා.