සාගරට පුන්නක්කු (Video)

විරෝධතාකරුවන් පිරිසක් පුනක්කු බාල්දියක් රැගෙන ඊයේ (18) කොළඹ – නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණේ කාර්යාලය වෙත පැමිණ තිබුණා.
ඔවුන් ප්රකාශ කළේ එය පක්ෂ ලේකම් සාගර කාරියවසම් වෙත ලබා දිය යුතු බවයි.
පසුගිය 15වැනිදා කොළඹ සුගතදාස ක්රීඩාංගණයේ පැවති පොදුජන පෙරමුණේ පක්ෂ සම්මේලනයේ දී ඔහු සිදුකළ ප්රකාශයකට එරෙහිවයි අදාළ පිරිස මෙලෙස විරෝධයක නිරත වූයේ.
එම අවස්ථාවේ දී පක්ෂ කාර්යාලය වෙත විශේෂ පොලිස් ආරක්ෂාවක් ද යොදවා තිබුණා.

