ඉන්දියාවෙන් ගෙන්වූ බිත්තර නත්තලට පෙර වෙළඳපොළට?

ඉන්දියාවේ සිට ආනයනය කළ බිත්තර මිලියන 15ක තොගය නත්තලට පෙර වෙළඳපොළට නිකුත් කිරීම අවිනිශ්චිත වී තිබෙනවා.
වෙළඳ අමාත්‍යාංශය සඳහන් කළේ ඒ සදහා තවත් සතියකට ආසන්න කාලයක් ගතවනු ඇති බවයි.
මේ වන විට බිත්තර තොගයේ සාම්පල සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බව එම අමාත්‍යාංශය සදහන් කර තිබෙනවා.
දේශිය වෙළඳපොළේ බිත්තර මිල මේ වන විට රුපියල් 65ත් 70ත් අතර මිලක පවතින අතර උත්සව සමයේදී එම මිල ගණන් අඩු කිරීමට නිෂ්පාදකයන් එකඟ නොවීමත් සමඟයි වෙළඳ අමාත්‍යවරයා යළි බිත්තර ආනයනයට කටයුතු කළේ.
කෙසේ වෙතත් දැනටමත් රජය සතුව පවතින ආනයනික බිත්තර ලක්ෂ 10 බැගින් සතොස අලෙවිසැල් වෙත නිකුත් කරන අතර අද සිට එය ලක්ෂ 12ක් දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කරන බවයි සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන කියා සිටියේ.

