විදුලි බිලෙන් සහන

නව වසරේ ජනවාරි මස විදුලි බිලෙහි අඩු කිරීමක් සිදු කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළා.
මෙම වසරේ දී විදුලි බිල සංශෝධනයෙන් වැඩි කළ ගාස්තු ඒ අනුව අඩු කිරිමක් සිදු වෙනවා.
අමාත්‍යවයා මේ බව ප්‍රකාශ කළේ ෙජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
ඒ අනුව විදුලි බල මණ්ඩලය, අමාත්‍යාංශය වෙත සිදු කළ දැනුම් දීමකට අනුව එම ගාස්තු අඩු කිරීම සිදු කිරීමට නියමිතයි.
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ උපරිම ධාරිතාවයෙන් ජල විදුලිය නිෂ්පාදන කිරීම මත මෙම තීරණය ගෙන තිබෙනවා.
වැට් බදු සංශෝධනයෙන් විදුලි බල ක්ෂේත්‍රයට බලපෑමක් සිදු නොවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

