ශ්‍රී ලංකන් ගුවන් යානාවල බර අඩු කරන්න හරිත බුමුතුරුණු

ශ්‍රී ලංකන් ගුවන් යානාවල බර අඩු කරන්න හරිත බුමුතුරුණු

ශ්‍රී ලන්කන් ගුවන් සේවය සිය ගුවන් යානා සඳහා ” හරිත බුමුතුරුණු ” (Green Carpet ) ඊයේ (18) සිට හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

මෙම බුමුතුරුණු භාවිතයෙන් ගුවන් යානා වල පියාසර බර සහ ඉන්ධන පරිභෝජනය අඩු වන අතර එමගින් වාර්ෂිකව රුපියල් මිලියන 21 ශ්‍රී ලන්කන් ගුවන් සේවය වෙත ඉතිරි කර දීමට සමත් වන බවට ගණනය කර ඇත.

ඊට අමතරව කාබන් විමෝචනය අවම කර ගැනීම මගින් වාර්ෂික පාරිසරික බලපෑම ටොන් 248.79 කින් අඩු කර ගැනීමට ද හැකි බව සඳහන්..

මෙම හරිත බුමුතුරුණු සැහැල්ලු බරින් යුක්ත වන අතර ඒවා භාවිතයෙන් ඉවත ලන ධීවර දැල් , ප්ලාස්ටික් සහ රෙදි කැබළි ප්‍රතිචක්‍රිකරණය කිරීමෙන් සකසන විශේෂිත නයිලෝන් වර්ගයකින් ඉන්ධන සහ ජලය අවම වශයෙන් භාවිතා කර නිපදවන අතර , ඒවා ස්විට්සර්ලන්තයේ ” ලැන්ටල් ටෙක්ස්ටයිල් ” ( Lantal Textiles ) ආයතනයේ නිෂ්පාදනය කෙරෙනවා.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය මේ මගින් ගෝලීය පරිසරය සුරැකීම සදහා ගෙන ඇති තවත් සාධනීය පියවරක් වන අතර මෙම ගුවන් සේවය 2009 වසරේ මෙවැනි වැඩසටහනක් මගින් (Planet Friendly Flights ) ආසියාවේ ප්‍රථම ගුවන් සේවය බවට පත් වී තිබෙනවා.