මහජන අදහස් සඳහා ඉඩක්

ජනාධිපති ලේකම් කාර්යාලය ශ්‍රී ලංකාවේ විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව ජාතික ක්‍රියාකාරි සැලැස්ම සැකසීමට සඳහා මහජන අදහස් අපේක්ෂා කරනවා.
ඒ මේ වසරේ සිට 2025 කාලසීමාවටයි.
ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේ,
‘විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය’ යනු, රජයන්, සිවිල් සමාජය සහ පුරවැසියන් අතර, හවුල්කාරිත්වය තුළින් විනිවිදභාවය, සහභාගිත්වය, වඟවීම සහ නවෝත්පාදනය ප්‍රවර්ධනය කරන විවෘත රාජ්‍ය ක්‍රමය ක්‍රියාත්මක කිරීම අරමුණු කරගත් බහුපාර්ශ්වික මුලපිරීමක් බවයි.
ලොව පුරා රටවල් 75ක්, පළාත් පාලන ආයතන 104ක් සහ සිවිල් සමාජ සංවිධාන දහස් ගණනක් විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව වැඩසටහන සමඟ සම්බන්ධ වී කටයුතු කරනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව වැඩසටහනේ සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකාව, සිය 2023-2025 කාලසීමාව සඳහා වන ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.
එම නිවේදනයේ සඳහන් වන්නේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය සහිතව එය ජාතික ක්‍රියාකාරි සැලැස්මක් ලෙස රජයේ සහ සිවිල් සමාජ පාර්ශ්වකරුවන්ගේ ඒකාබද්ධතාවෙන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.
ජනාධිපති ලේකම් කාර්යාලය ශ්‍රී ලංකාව තුළ විවෘත, සහයෝගිතාවෙන් යුතු සහ ප්‍රතිචාරශීලී රාජ්‍ය පාලනයක් ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණ වී තිබෙනවා.

