ආර්ථික අර්බුද විසඳන්න ඩොලර් මිලියන 250ක්

ආර්ථික අර්බුද විසඳන්න ඩොලර් මිලියන 250ක්

ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 500යට අදාළ දෙවන ණය වාරිකය නිකුත් කළා.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සාර්ථකව ඉදිරියට යන බව ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව ඩොලර් මිලියන 250 ක් ඒ යටතේ ශ්‍රී ලංකාවට ලැබුණා.

පළමු වාරිකය යටතේ ද ලෝක බැංකුව විසින් ඩොලර් මිලියන 250 ක් ලබා දුන්නා.

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදයට විසදුම් ලබා ගැනීමේ අරමුණින් මෙම මුදල ලබා දී ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

COMMENTS