ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ ක්‍රමවේදයක්

ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ ක්‍රමවේදයක්

ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ නව ක්‍රමවේදයක් එළිදැක්වීම සහ ඒ සඳහා වන අවබෝධතා ගිවිසුමකට එළඹීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කර තිබෙනවා.

ඒ, ජනාධිපති කාර්යාලයේ දීයි.

ඒ අනුව පූර්ව අනතුරු ඇඟවීමේ යාන්ත්‍රණය වඩාත් ශක්තිමත් කිරීම තුළින් මෙරට පුරවැසියන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමේ අරමුණින් මෙම නව ක්‍රමවේදය එළිදැක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ දුරකථන සැපයුම් ආයතන ද අදාළ නව ක්‍රමවේදය සඳහා එක්ව ඇති බව සඳහන්.