උද්ධමනය ඉහළට

උද්ධමනය ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව නොවැම්බර් මාසයේදී මෙරට උද්ධමනය ඉහළගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව නොවැම්බර් මාසයේදී උද්ධමනය සටහන් වූවේ සියයට 2.8ක් ලෙසටය.

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ඔක්තෝබර් මාසයේදී උද්ධමනය සියයට 1ක් ලෙස සටහන් විය.

මේ අතර ඔක්තෝබර් මාසයේ සියයට -5.2 ට පැවති ආහාර උද්ධමනය නොවැම්බර් මාසයේදී සියයට -2.2ක් දක්වා ඉහළගොස් ඇත.

ආහාර නොවන උද්ධමනය 2023 ඔක්තෝම්බර් මාසයේදී සියයට 6.3ක් ලෙස පැවති අතර එය නොවැම්බර් මාසයේදී සියයට 7.1ක් දක්වා ඉහළගොස් ඇති බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

COMMENTS