අසිරිමත් නන්තල අද මධ්‍යම රාත්‍රියේ – කිතුණු දේවස්ථාන වලට විශේෂ ආරක්ෂාවක්

අසිරිමත් නන්තල අද මධ්‍යම රාත්‍රියේ – කිතුණු දේවස්ථාන වලට විශේෂ ආරක්ෂාවක්

අද මධ්‍යම රාත්‍රී උදාවන අසිරිමත් නත්තල වෙනුවෙන් පැවැත්වෙන ප්‍රධාන දේවමෙහෙය කටාන – හල්පේ ශූද්ධ වූ ප්‍රැස්සිස් සේවී මුනිදුන්ගේ දේවස්ථානයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

කොළඹ අගරදගුරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමන් සදහන් කළේ, අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් මෙම දේවමෙහෙය පැවැත්වෙන බවයි.

මේ අතර කිතුණු දේවස්ථානවල ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව කොළඹ ඊයේ (23) කැදවා තිබු ප්‍රවෘත්ති සාකච්ඡාවකදි සදහන් කළේ ඒ සදහා පොලිස් නිළධාරින් 7500 ක් යොදවා ඇති බවයි.

මේ අතර, නත්තල් දිනයේ දිවයින පුරා පිහිටි සියලු සුරාසැල් වසා තැබෙන අතර සංචාරකයන්ගේ පහසුව උදෙසා සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලත් තරුපන්තියේ හෝටල්වල සුරාසැල් විවෘතව තැබිය හැකි බව සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් එම ආයතන ද ඇතුලුව සුරාසැල් උඳුවප් පුර පසලෝස්වක පොහොය දිනය යෙදෙන ලබන අගහරුවාදා දිනද වසා තැබෙනවා.