උත්සව සමයට බාර් වැසේ

උත්සව සමයට බාර් වැසේ

දෙසැම්බර් මස 25 වන සදුදා දිවයින පුරා පිහිටි සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර තිබෙනවා.

එසේද වුවත්, සංචාරකයන්ගේ පහසුව උදෙසා, මත්පැන් විකිණීම සදහා සුරාබදු බලපත්‍රලත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලද තාරකා පන්ති වර්ගීකරණයට යටත් හෝටල සම්බන්ධයෙන් එම නියෝගය බල නොපැවැත්වෙන බවයි වාර්තා වී ඇත්තේ.

26 වන අගහරුවාදා දිනට යෙදී ඇති උදුවප් පුර පසලොස්වක පොහොය දිනය නිමිත්තෙන් දිවයින පුරා පිහිටි සියළුම මත්පැන් විකිණීමේ සුරාබදු බලපත්‍ර ලත් ස්ථානද වසා තැබීමට නියමිතයි.

එම නියෝගය ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලද සියළුම ආයතන සම්බන්ධයෙන් ද එක ලෙස බලපැවැත් වෙනවා.

COMMENTS