කොරෝනා පුරුදු යළි අරඹන්නැයි සෞඛ්‍ය අංශවලින් ඉල්ලීමක්

JN1 නව කොවිඩ් ප්‍රභේදය මේ වන විට ගෝලීය වශයෙන් වේගවත් ව්‍යාප්තියක් වාර්තා කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ගෝලීයව වාර්තා වන කොවිඞ් රෝගීන් සංඛ්‍යාව ද නොවැම්බර් මාසය තුළ 52%කින් ඉහළ ගොස් ඇති බවයි.
කෙසේ වෙතත් JN1 කොවිඩ් ප්‍රභේදය මෙතෙක් මෙරටින් හඳුනාගෙන නොමැති බවයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා කියා සිටියේ.
කෙසේ වෙතත්, මීට පෙර කොවිඩ් කාල සීමාවේදී අනුගමනය කළ සෞඛ්‍ය පුරුදු නැවතත් අනුගමනය කිරීම වැදගත් බව සෞඛ්‍ය අංශ පවසනවා.

