ධාන්‍ය මිල ඉහළට

වෙළදපළේ ධාන්‍ය වර්ග වල මිල යලි ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව තල, මුං, කව්පි, මෑ සහ උදු යන ධාන්‍ය වර්ගවල මිල මෙලෙස ඉහළ ගොස් ඇත්තේ ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට නොහැකි වීම හේතුවෙන්.
අද වන විට තල කිලෝවක් රුපියල් 950 දක්වාත් කව්පි කිලෝවක් රුපියල් 800 දක්වාත් ඉහළ ගොස් ඇති බවයි වෙළදපොළ ආරංචි මාර්ග සදහන් කර ඇත්තේ.
එසේම මුං ඇට කිලෝවක් 700ත් 750ත් අතර මිලකට අලෙවි වනවා.

