වරායෙන් ඖෂධ නිදහස් කරගන්න කමිටුවක්

ආනයනය කළ ඖෂධ වරායෙන් නිදහස් කරගැනීම සඳහා වෛද්‍ය සැපයුම් අධ්යක්ෂවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සම්බන්ධීකාරක කමිටුවක් පිහිටුවීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.
ඊයේ (26) කොළඹදී කැදවා තිබූ ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල කියා සිටියේ අද සිට ක්‍රියාත්මක වන පරිදි එම කමිටුව පිහිටුවා ඇති බවයි.
මේ අතර ප්‍රමිතිය තහවුරු කර ඇති නමුත් මේ වන විට ලියාපදිංචිය කල් ඉකුත් වී පවතින ඖෂධ සදහා ලබන වසරේ ජුනි මස අවසානය වන තෙක් ලියාපදිංචිය නැවත ලබාදීමට තීරණය කර ඇති බව මෙම ප්රවෘත්ති සාකච්ඡාවට එක්වූ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ප්‍රකාශ කළා.

