රාජ්‍ය සේවකයින්ට විශේෂ නිවාඩුවක්

රාජ්‍ය සේවකයින්ට විශේෂ නිවාඩුවක්

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආයතන සඳහා පැමිණීමට නොහැකි වූ රාජ්‍ය සේවකයින්ට එලෙස පැමිණීමට නොහැකි වූ දින විශේෂ නිවාඩු දින ලෙස සැලකීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

පසුගිය සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල දිවයිනේ විවිධ ප්‍රදේශවල ඇති වූ ජල ගැලීම්, ගංවතුර සහ නායයෑම් නිසා සේවයට වාර්තා කිරීමට නොහැකි වූ නිලධාරීන් සඳහා පමණක් මෙය වලංගු වන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මෙම අමාත්‍යංශය විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

මෙලෙස ලබා දෙන විශේෂ නිවාඩු අදාළ ආයතනයේ පවත්වාගෙන යනු ලබන නිවාඩු ලේඛනයේ සුදුසු පරිදි ඇතුළත් කළ යුතු බවයි එම චක්‍රලේඛයකයේ සඳහන් වන්නේ.

තමාට රාජකාරියට වාර්තා කිරීමට නොහැකි වූ හේතුව සඳහන් කර එය ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් සහ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයාගෙන් නිර්දේශ සහිතව ආයතන ප්‍රධානියා වෙත ඉදිරිපත් කළ යුතු බවයි වාර්තා වී ඇත්තේ.

අදාළ ඉල්ලීම පිළිබඳ පරික්ෂා කිරීමෙන් අනතුරුව ආයතන ප්‍රධානියා විසින් කර එහි නිරවද්‍යතාව පිළිබද සෑහිමකට පත් වන්නේ නම් මෙම විශේෂ නිවාඩුව ලබා දෙන බවද සඳහන්.

COMMENTS