විදෙස් රටවල සිට පාතාලය සහ කුඩු ජාවාරම මෙහෙයවන අය අල්ලන්න වැඩපිළිවෙළක්

විදේශ රටවල සිටින මෙරට පාතාලය සහ කුඩු ජාවාරම මෙහෙයවන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි මහජන ආරක්ශක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.
ඔහු අවධාරණය කරන්නේ මේ වන විට ජාත්‍යන්තර පොලීසියේ සහ අදාළ රටවල්වල රජයන් සමඟ සාකච්ඡා කරමින් ඒ සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.
කිරිදිවැල සතුටු පවුල අධ්‍යාපන ප්‍රදර්ශනය සහ වෙළඳ සැණකෙළියේ සමාරම්භක අවස්තාවට එක්වෙමින් ටිරාන් අලස් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
කිරිදිවැල සතුටු පවුල අධ්‍යාපන ප්‍රදර්ශනය සහ වෙළෙඳ සැණකෙළිය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ සහ මහජන ආරක්ශක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් කිරිදිවැල මධ්‍ය මහා විද්‍යාලය සහ කිරිදිවැල මහා විද්‍යාලය කේන්ද්‍ර කර ගනිමින් පසුගියදා (25) ආරම්භ කෙරුණා.
එය 31 වනදා දක්වා පැවැත්වේ.
රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ අධ්‍යාපන සහ වෙළඳ කුටි 50කට වැඩි ගණනකින් මෙය සමන්විතයි.
මෙහිදී ටිරාන් අලස් ඇමතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසුවා.
“යුක්තිය වැඩසටහන අපි කිසිම විටක නතර කරන්නේ නැහැ.
ඉදිරි මාස 6 තුළ මෙය අඛණ්ඩවම ක්‍රියාත්මක කරනවා.
කිසිම බලවතෙකුට ඊට බාධා කරන්න ඉඩ දෙන්නේ නැහැ.
මෙරට පාතාලය සහ මත්කුඩු ජාවාරම මෙහෙයවන පුද්ගලයන් පිළිබඳව තොරතුරු අපිට ලැබී තිබෙනවා.
ඩුබායි වල 29 දෙනෙක් සහ ප්‍රංශයේ එක් අයෙක් එලෙස සිටිනවා.
ඒ අයව අත්අඩංගුවට ගැනීමට අදාළ අංශ සමග සාකච්ඡා කරමින් සිටිනවා.
පාතාලය 100% ක්ම නැතිකරන්න බැරිවෙයි.
මම මේ ඇමතිකමේ ඉන්නකම් ඒ සඳහා පුලුවන් උපරිම කටයුතු කරනවා කියලා සහතික වෙනවා. ” යනුවෙන් පැවසුවා.
රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මිලාන් ජයතිලක, සුමිත් උඩුකුඹුර, තිස්ස කුට්ටිආරච්චි, රාජිකා වික්‍රමසිංහ, දිසානායක, මුදිතා ප්‍රසාන්ති යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.

