2024 වසරේ දී පළාත් පාලන ආයතනවල සියලුම ගෙවීම් Online ක්‍රමයට

2024 වසරේ මාර්තු 31 වැනිදා සිට පළාත් පාලන ආයතනවල සියලු ගෙවීම් කටයුතු මාර්ගගත ක්‍රමය ඔස්සේ කිරීමට කටයුතු සූදානම් කර ඇති බව පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසා තිබෙනවා.
එහි මුල් පියවරක් ලෙස හෙට (29) සිට සබරගමුව පළාත් සභාවේ ගෙවීම් මෘදුකාංගයක් හරහා කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

