දේශබන්දුට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම්

දේශබන්දු තෙන්නකොන් මහතාට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සම් 04ක් ගොනුකර තිබෙනවා.
ඒ ඔහු වැඩබලන පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් හා පොලිස්පති ධූරයට පත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින්.
පෙත්සම් ගොනු කර තිබෙන්නේ, අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, සත්‍ය හා යුක්තිය උදෙසා නීතිඥ සංවිධානය, පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් තිදෙනෙකු සහ අරගලකරුවෙකු විසින් බවයි වාර්තාවෙන්නේ.
නීතිපතිවරයා, ව්‍යවස්ථාදායක සභාව සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.
පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකොන් මහතා සිය රාජකාරි පැහැර හැර ඇති බව පෙත්සම්කරුවන් පෙන්වා දී තිබෙනවා.
අරගල සමයේ ගාලුමුවදොර පිටියේ රැඳීසිටි අරගලකරුවන්ට අමානුෂිකව පහරදෙනු ලැබුවේ ද දේශබන්දු තෙන්නකොන් මහතා, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාව කටයුතු සමයේ බව මෙම පෙත්සම් මඟින් පෙන්වා දී ඇත.
රටේ නීතිය ක්‍රියාත්මක කරන රටේ ප්‍රධාන දෙපාර්තමේන්තුවක් හැසිරවීමේ වඟකීම ලබාදිය යුත්තේ, මානුෂිය ගුණාංග වලින් හෙබි අයෙකුට බවත්, ඊට පටහැනිව ක්‍රියා කළ පුද්ගලයෙකුට එහි වඟකීම් පැවරීම සිය මුලික අයිතීන් උල්ලංඝනය කිරිමක් බව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ මුලික අයිතිවාසිකම් පෙත්සම්හි වැඩිදුරටත් දක්වා තිබෙනවා.

