නව වසර සඳහා සියළු රාජ්‍ය ආයතනවල උත්සව

නව වසර සඳහා සියළු රාජ්‍ය ආයතනවල උත්සව

සියලු රාජ්‍ය ආයතන නව වසරේ ආරම්භයත් සමඟ හෙට (01) දිනය තුළ රාජකාරි ආරම්භ කිරීම සඳහා නිල උත්සවයක් පවත්වන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානාත්වයෙන් නිල උත්සවය හෙට පස්වරු 9ට ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ පැවැත්වීමට නියමිතයි.

මේ පිළිබඳව අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානින්, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානින් වෙත චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.