සමගි ජන බලවේග සන්ධානයේ පොදු අපේක්ෂකයා සජිත්

සමගි ජන බලවේග සන්ධානයේ පොදු අපේක්ෂකයා සජිත්

සමගි ජන බලවේගය මුලික කරගනිමින් ඉදිරියේදි ගොඩනගන නව සන්ධානයේ පොදු අපේක්ෂකයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස බව නිදහස් ජනතා සබාව ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා ඊයේ (01) පෙරවරුවේ සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ලබා ගත් අතර එහිදී එම පක්ෂයේ අම්බලන්ගොඩ ප්‍රධාන සංවිධායක ධුරය ඔහු වෙත පිරිනැමීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කටයුතු කරනු ලැබුවා.

පසුව විපක්ෂ නායක කාර්යාලයේ මාධ්‍ය හමුවක් පැවති අතර එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා ද අදහස් පළ කළා.

එම මාධ්‍ය හමුවට එක් වූ නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා සඳහන් කළේ සමගි ජන බලවේගය මුලික කරගනිමින් ඉදිරියේදි ගොඩනගන නව සන්ධානයේ පොදු අපේක්ෂකයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස බවයි.