හිටපු මන්ත්‍රීවරයෙක් සජබයට එක්වෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාශ්‍රිත තිසේරා අද (04) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී සමගි ජන බලවේග සන්ධානය හා එක් වී තිබෙනවා.
1970 සිට 1977 දක්වා කාලයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම නාත්තන්ඩිය ආසනයේ සංවිධායකවරයා ද වූ ප්‍රොටස් තිසේරා පුත්‍රයා වූ ඔහු මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයෙන්, මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලබා වැඩිදුර අධ්‍යාපනය සඳහා ඔස්ට්‍රේලියාවට ගොස් ඇති බව සඳහන්.
උසස් අධ්‍යාපනයෙන් පසු සිය පියාගේ අඩිපාරේ යමින් 1988 වසරේ පොදුජන පෙරමුණට එක් වූ ඔහු වයඹ පළාත් සභාවට තේරී පත්වුණා.
ඉන්පසුව 2000 වසරේ දී පොදුජන එක්සත් පෙරමුණෙන් තරග කර අසුනක් ලබා පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර, 2004 වසරේ දී ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ රජයේ වරාය හා ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් 2007 දී නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස පත් වී තිබෙනවා.
එමෙන්ම 2010 මැතිවරණයෙන්ම ජය ලැබීනේ අනතුරුව රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස තේරී පත් වී ඇති අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුත්තලම් දිස්ත්‍රික් සංවිධාකයවරයා ලෙස ද කටයුතු කර තිබෙනවා.

