අවතැන් වූවන් නැවත පදිංචි කිරීම ගැන ජනපති කියූ දේ

අවතැන් වූවන් නැවත පදිංචි කිරීම ගැන ජනපති කියූ දේ

අවතැන්වූවන් නැවත පදිංචි කරවීම පිළිබඳ පවතින ගැටළුව තවදුරටත් ඉදිරියට ගෙන යා නොහැකි බවත්, 2025 වසර වන විට අවතැන් වූවන් නැවත පදිංචි කිරීමේ කටයුතු සම්පූර්ණයෙන් අවසන් කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරනවා.

යාපනය සහ කිළිනොච්චි දිස්ත්‍රික් විශේෂ සංවර්ධන සම්බන්ධීකරණ කමිටු රැස්වීම ඊයේ (04) අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළ අතර ඒ සඳහා සැලැස්මක් සකස් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

උතුරු පළාතේ සිව්දින නිල සංචාරයක නිරත වන ජනාධිපතිවරයා යාපනයේ රැඳී සිට රැස්වීම් මාලාවක ද නිරත වීමට නියමිතයි.

එමෙන්ම, ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව යාපනය – පැරණි උද්‍යානයේ විරෝධතාවක් ද පවත්වා තිබෙනවා.

එහිදී විරෝධතාවයට සහභාගී වූ හතරදෙනෙක් අත්අඩංගුවට ද ගෙන තිබෙනවා.

යාපනය පොලිසිය සඳහන් කළේ අධිකරණයෙන් තහනම් නියෝගයක් නිකුත් කර ඇති ප්‍රදේශයකට ඇතුළු වීම හේතුවෙන් මෙම සිවු දෙනාව අත්අඩංගුවට ගත් බවයි.

COMMENTS