වැට් බද්දෙන් නිදහස් වන කර්මාන්ත

වැට් බද්දෙන් නිදහස් වන කර්මාන්ත

සෞඛ්‍ය සේවයේ වියදම් අවම කරගැනීම සඳහා ආයුර්වේද නිෂ්පාදන සහ දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළ කර්මාන්ත වැට් බද්දෙන් නිදහස් කිරීමට රජය තීරණය කර ඇති බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පවසයි.

පාරම්පරික වෛද්‍යවරුන්ට බලපාන ගැටලු විසඳාගැනීම සහ දේශීය වෛද්‍ය ක්‍රමය සුරක්ෂිත කිරීම වෙනුවෙන් විශේෂ කාර්යාංශයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත.

රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මේ බව සඳහන් කර සිටියේ, ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (04) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

ආයුර්වේද සංස්ථාවේ මූලිකත්වයෙන් ආයුර්වේද සුව සත්කාරක මධ්‍යස්ථාන ඉදිරියේ දී දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට හඳුන්වාදෙන බව ද දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යවරයා පවසා ඇත.

COMMENTS