විදුලි බිල අඩුවෙන ලකුණු

විදුලි බිල අඩුවෙන ලකුණු

පසුගිය ඔක්තෝම්බර් මාසයේදී 18%කින් ඉහළ දැමූ විදුලි ගාස්තුවෙන් 50%ක් පමණ හැකි ඉක්මනින් අඩු කරන බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ ඊයේ (04) පවසා තිබෙනවා.

ඔහු වැඩිදුරටත් පැවසුවේ පසුගිය මාස තුන තුළ අඛන්ඩව වර්ෂාව ලැබුණු අතර ජල විදුලිය ජනනය කිරීමෙන් ලැබුණු ලාභය ජනතාවට ලැබිය යුතුය යන තීරණයේ ලංකා විදුලිබල මණ්ඩලය සිටින බවයි.

එසේම විදුලි ගාස්තු අඩු කිරීමේ යෝජනාව මේ මස 15 වනදාට පෙර මහජන උපයෝගීතා කොමිසමට යොමු කරන බවයි ඔහු පැවසුවේ.

මේ අතර විදුලි බිල අඩුකිරීම සඳහා අදාළ දත්ත මහජන උපයෝගිතා කොමිසමට ලබා දී ඇති අතර පෙබරවාරි මුල් සතිය වන විට විදුලිබිල අඩු කරන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පවසනවා.

නව ජනන සැලැස්මට අනුව 2024 වසරේ දී මෙගාවොට් 600ට ආසන්න ප්‍රමාණයක් පුනර්ජනනීය බලශක්තියෙන් විදුලිය ලබා ගැනීමට කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ අද (05) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

COMMENTS