ළදරුවන්ට අතිරේක සරම්ප එන්නත් කිරීමේ වැඩසටහන අද

ළදරුවන්ට අතිරේක සරම්ප එන්නත් කිරීමේ වැඩසටහන අද

තෝරාගත් දිස්ත්‍රික්ක 09ක අමතර සරම්ප එන්නත් මාත්‍රා ලබා දීමේ වැඩසටහන හෙට සිට ආරම්භ වනවා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කළේ අදාළ දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලවල මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි.

ඒ අනුව වයස මාස 06 ත් 09 ත් අතර කුඩා දරුවන් ඒ සඳහා යොමු කරන ලෙසයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේ.