ලංවීම සේවකයින් සිදුකළ විරෝධතා මාලාව අවසන්

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිලිවෙලට එරෙහිව එහි සේවකයින් සිදු කරන විරෝධතා මාලාවේ අවසන් දිනය වූ ඊයේ (05) එහි සේවකයන් විදුලබල මණ්ඩල ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වුණා.
එහිදී ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු රංජන් ජයලාල් කියා සිටියේ අදාළ පනත පාර්ලිමේන්තුවේදී සම්මත කළත් එය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බවයි.
විරෝධතාකරුවන්ට මුදල් අමාත්‍යාංශයට, ජනාධිපති ලේකම් කාර්යාලයට, ජනාධිපති මන්දිරයට සහ ගාලූමුවදොරට ඇතුලූවීම වළක්වාලමින් සහ විදුලිබල මණ්ඩල ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට මාර්ගය අවහිර කිරීම වළක්වමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝගයක් ද නිකුත් කර තිබුණා.
මේ අතර, විදුලි බිල අඩුකිරීම සඳහා අදාළ දත්ත මේ වන විට මහජන උපයෝගිතා කොමිසමට ලබා දී ඇති බවත්, ඒ අනුව පෙබරවාරි මස මුල් සතිය වන විට විදුලි බිල සංශෝධනය කරන බවත් විදුලි බල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

