ජනපතිට උතුරෙන් ආ විරෝධය (Video)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණෙන මාර්ගය අවහිර කරමින් අතුරුදන් වූවන්ගේ ඥාතින් විරෝධතාවක නිරත වී තිබේ.
ඔවුන් ඉවත්කිරීමට යාමේ දී පොලිසියේ රාජකාරියට බාධා කළ කාන්තාවන් දෙදෙනකු ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මේ අතර, උතුරු පළාතේ සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙරේදා (04) යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති යාපනය හා කිලිනොච්චි දිස්ත්‍රික්කයන්හි විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් විය.
මේ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් යාපනය දිස්ත්‍රික්කයේ වෘත්තියවේදීන්ගේ හමුවක් ද ඊයේ පැවැත්විණි.
අනතුරු ව ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ZEE TAMIL නාලිකාව සංවිධානය කළ LITTLE CHAMPS 2023 රියැලිටි තරගයේ කිරුළ හිමි කරගත් කිල්මීෂා උදයශීලන් දැරිය සිය පවුලේ සාමාජිකයින් සමඟ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුණ ගැසිණි.
එහි දී කිල්මීෂා උදයශීලන් දැරිය ජනාධිපතිවරයා ඉදිරියේ ගීතයක් ද ගායනා කරනු ලැබිණි.



