මත් උවදුර නැති කරන්න ඕනේ පෝය දෙකයි

ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයේ මහ සමුළුව ඊයේ (06) අමතමින් නැගෙනහිර හිටපු ආඥාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.
ඔහු සඳහන් කර ඇත්තේ මත් උවදුර සම්පූර්ණයෙන්ම නැති කර දැමීමට අවශ්‍ය වන්නේ පෝය දෙකක් පමණක් වන බවයි.
ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් වේයන්ගොඩ නයිවල සණස සම්මන්ත්රණ ශාලා සංකීර්ණයේදී අදාළ සමුළුව පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.
මේ අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, නැගෙනහිර හිටපු ආඥාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත, විශ්‍රාමික රියර් අද්මිරාල් ප්‍රෙඩ් සෙනෙවිරත්න හා රංගන ශිල්පී රොඩ්නි වර්ණකුල ද විශ්ව විද්‍යාලීය ආචාර්ය මහාචාර්යවරුන් ඇතුළු විද්වතුන් පිරිසක් ප්‍රධාන ආරාධිතයන් වශයෙන් සහභාගි වී තිබෙනවා.

