කුසල් පෙරේරා ඇතුළු 4ක් පොලීසියට

ශ්රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන සහ නියෝජනය කළ ක්රිකට් ක්රීඩකයින් සිව්දෙනෙකු පොලිස් දෙපාර්තමේන්තුවට බඳවා ගෙන තිබෙනවා.
ඒ අනුව චාමර සිල්වා, කුසල් ජනිත් පෙරේරා, නුවන් ප්රදීප් සහ අශේන් බණ්ඩාර යන ක්රීඩකයන් ශ්රී ලංකා පොලිසියට බඳවා ගත් බවයි සඳහන් වන්නේ.
චාමර සිල්වා සහ කුසල් ජනිත් පෙරේරා යන ක්රීඩකයන්ව ප්රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස බඳවා ගෙන ඇති අතර නුවන් ප්රදීප් සහ අශේන් බණ්ඩාර යන ක්රීඩකයන් පොලිස් පරීක්ෂකවරුන් ලෙස පොලිසියට බඳවා ගෙන තිබෙනවා.


