නියමිත කාලය තුළ දී විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් කළ යුතු බවට ඉදිරියේදී නීතියක්

ආර්ථික ස්ථායීතාවයක් ඇති කර ගනිමින් රට සංවර්ධනය කරා ගෙන යන වැඩපිළිවෙළේදී විශ්ව විද්‍යාල සිසුන්ට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ඒ සඳහා කෘෂිකර්මාන්ත, සංචාරක, ව්‍යවහාරික, තාක්ෂණය ඇතුලු විවිධ ක්ෂේත්රවල සංවර්ධනය සඳහා විශ්ව විද්‍යාල සිසුන් දායක කර ගැනීමට අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.
යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් සමග පසුගියදා යාපනයේ පැවති හමුවකට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව ප්‍රකාශ කළා.
එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ නියමිත කාලය තුළ දී විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් කළ යුතු බවට ඉදිරියේදී නීතියක් ගෙන ඒමට අපේක්ෂා කරන බවයි.
මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ යාපනය සංචාරය අතරතුරදී යාපනය සහ කිළිනොච්චිය යන දිස්ත්‍රික්කවල එක්සත් ජාතික පාක්ෂිකයින් අද හමුවී තිබෙනවා.
ඊට පාක්ෂිකයින් 600 කට වැඩි පිරිසක් එක්ව ඇති අතර එහිදී ඔවුන් මුහුණ දී ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
රටේ ආර්ථිකය නිවැරදි මගකට යොමු කිරීමට ඕනෑම ජනප්‍රිය නොවන තීරණයක් ගැනීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේ.

