රට පුරාම නිල සුනඛයන්

රට පුරාම නිල සුනඛයන්

දිවයිනේ පොලිස් ස්ථාන සියල්ල ආවරණය වන පරිදි මාර්ග බාධකවලට නිල සුනඛයන් යොදාගෙන රථ වාහන පරීක්ෂා කිරීමේ මෙහෙයුම් ආරම්භ කළ බව පොලිසිය පවසනවා.

වැඩ බලන පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි මෙම මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

මත්ද්‍රව්‍ය ජාවාරම සහ සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා සිදු කරනු ලබන යුක්තිය මෙහෙයුම යටතේ මෙම මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර රථ වාහන මගින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය විශාල වශයෙන් සිදුවන බැවින් පොලිස් රථ වාහන නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ පුහුණුවලත් නිලධාරීන් සහ පොලිස් නිල සුනඛ අංශය මෙම මෙහෙයුම් සඳහා යොදා ගන්නා බවයි පොලිසිය සඳහන් කළේ.