ඩෙංගු ව්‍යාප්තියේ වැඩි වීමක්

ඩෙංගු රෝගීන් 300කට වැඩි පිරිසක් දෛනික ව වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
මේ වසරේ ගත වූ දින 06 තුළ පමණක් ඩෙංගු රෝගීන් 1,871 දෙනෙකු වාර්තා වී ඇති බව එම ඒකකය පෙන්වා දී තිබේ.
ඉන් වැඩිම රෝගින් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 643කි.
උතුරු පළාතෙන් රෝගීන් 438 දෙනෙකු සහ වයඹ පළාතෙන් රෝගීන් 165 දෙනෙකු ගත වූ දින 06 තුළ වාර්තා වී තිබේ.
කෙසේ වෙතත් පසුගිය වසරේ දෙසැම්බර් මාසයට සාපේක්ෂ ව මේ වන විට දෛනික ව වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාවේ සුළු අඩු වීමක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේය.

