තල් රා අපනයනයෙන් ඩොලර් ලක්ෂයකට අධික ආදායමක්

2023 වර්ෂයේදී තල් රා අපනයනයෙන් ඩොලර් ලක්ෂයකට අධික ආදායමක් ඉපැයීමට තල් සංවර්ධන මණ්ඩලය සමත්වී තිබෙනවා.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා සමග පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකදී මේ බව අනාවරණ වී ඇති අතර ඒ අනුව පසුගිය වසරේදී තල් රා අපනයෙන් ඩොලර් 102,422 ක් උපයා ඇති බව සඳහන්.
එමෙන්ම මෙරට තල් රා සඳහා වැඩිම ඉල්ලුමක් කැනඩාව සහ ප්‍රංශය යන රටවලින් ලැබී තිබෙනවා.
මීට අමතරව තවත් රටවල් ගණනාවකින් මෙරට තල් සඳහා ඇණවුම් ලැබී ඇති බවයි තල් සංවර්ධන මණ්ඩලය සඳහන් කළේ.

