ප්රාදේශීය ලේකම් කොට්ඨාසයකටම අස්වැසුම විශේෂ ඒකකයක්

සෑම ප්රාදේශීය ලේකම් කොට්ඨාසයක් සඳහාම අස්වැසුම විශේෂ ඒකකයක් පිහිටුවීමට රජය තීරණය කර තිබෙනවා.
අග්රාමාත්ය කාර්යාලය සදහන් කළේ අද අරලියගහ මන්දිරයේ දී අදාළ ප්රතිලාභ යෝජනා ක්රමය ක්රියාත්මක කිරීම සහ ඊට අදාළ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුන බවයි.
2023 වසරේ සියලුම අස්වැසුම අභියාචනා මේ මස 31 වනදා වන විට විසදා අවසන් කිරීමටත්, දෙවන වටය සඳහා අස්වැසුම අයදුම් පත් කැඳවීමටත් එහිදී තිරණය කළා.
ඒ අනුව සෑම ප්රාදේශීය ලේකම් කොට්ඨාසයකටම අස්වැසුම විශේෂ ඒකකයක් ඇති කිරීමට තීරණය කළ බව වාර්තා වෙනවා.
මෙම විශේෂ ඒකකය සඳහා ග්රාමීය මට්ටමින් නිලධාරියෙකු පත් කිරීමට ද සාකච්ඡා වී තිබෙනවා.

