යාල ප්‍රධාන පිවිසුම වැසෙයි

අධික වර්ෂාවත් සමඟ පිවිසුම් මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන් යාල වනෝද්‍යානයේ ප්‍රධාන පිවිසුම වසා දැමීමට පියවර ගෙන තිබේ.
යාල වනෝද්‍යාන භාරකරු අද දෙරණ වෙත පැවසුවේ තිස්සමහාරාම පලටුපාන යාල ප්‍රධාන පිවිසුම නැවත දැනුම්දෙන තුරු මෙලෙස වසා දැමීමට පියවර ගත් බවය.
කෙසේ වෙතත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ යාල වනෝද්‍යානය සඳහා කටගමුව පිවිසුමෙන් සංචාරකයින්ට පිවිසිය හැකි බවය.
එසේම කලාප අංක 1 මෙලෙස ගංවතුර හේතුවෙන් පිවිසුම් මාර්ග අවහිර වී තිබුණද යාල කලාප අංක 4,5 සහ 6 සංචාරකයින් සඳහා තවදුරටත් විවෘතව පවතින බවද ඒ මහතා සඳහන් කළේය.
මේ අතර මේ වනවිට අධික වැසි සහිත කාලගුණය සමග මැණික් ගඟ පිටාර ගැලීම හේතුවෙන් සංචාරක නිවාස 6ක් ජලයෙන් යටවී ඇති බවද යාල වනෝද්‍යාන භාරකරු වැඩිදුරටත් පැවසීය.

