රතු මුහුදට නෞකා පිටත් කිරීමට සූදානම්

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අණ පරිදි රතු මුහුද සහ අවට කලාපය වෙත ශ්‍රී ලංකා නාවික හමුදාවේ නෞකා පිටත් කිරීමට සූදානම් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කැප්ටන් ගයාන් වික්‍රමසූරිය මහතා ප්‍රකාශ කළේ ය.
ඔහු ප්‍රකාශ කළේ, එම නෞකා යේමනයේ හූතී කැරලිකරුවන්ට එරෙහිව ක්‍රියාත්මක අමෙරිකානු නායකත්වයෙන් යුත් ප්‍රොස්පරිටි ගාඩියන් මෙහෙයුමට එක් කිරීමට නියමිත බවයි.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කැප්ටන් ගයාන් වික්‍රමසූරිය මහතා ප්‍රකාශ කළේ, තවමත් නෞකාවක් පිටත්කර හැරිය යුතු දිනයක් දැනුම්දී නොමැති බවයි.
රතු මුහුද ආශ්‍රිත ආරාබි මුහුද ගල්ෆ් මුහුද ඇතුළු කලාපයම පොස්පරටි ගාඩියන් මෙහෙයුමෙන් ආවරණය වන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කැප්ටන් ගයාන් වික්‍රමසූරිය මහතා ප්‍රකාශ කළේ ය.
යේමනයේ හූතී සටන්කාමීන්ට එරෙහිව ශ්‍රී ලංකාවේ නාවික හමුදාවෙන් නෞකාවක් රතු මුහුදට පිටත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ, පසුගිය 03 කොළඹදී පැවති ශිල්ප අභිමානී ජාතික හස්ත කර්මාණ්ත සම්මාන උළෙල අමතමිනි.

