වෛද්‍යවරුන්ගේ සහ කථිකාචාර්යවරුන්ගේ දීමනා ඉහළට

වෛද්‍යවරුන්ගේ සහ කථිකාචාර්යවරුන්ගේ දීමනා ඉහළට

වෛද්‍යවරුන් සඳහා වන Disturbance, Availability & Transport (DAT) දීමනාව දෙගුණයකින් වැඩි කිරීමට ජනාධිපතිවරයා විසින් ගෙන ආ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

ඒ අනුව (DAT) දීමනාව රුපියල් 35,000 සිට රුපියල් 70,000 දක්වා වැඩි කිරීමටයි කැබිනට් අනුමැතිය හිමිවුණේ.

මේ අතර විශ්ව විද්‍යාල ගුරුවරුන්ට ඔවුන්ගේ අධ්‍යයන දීමනාව 25% කින් වැඩි කිරීමටද අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව එම දීමනාව ඔවුන්ගේ ජනවාරි වැටුපට ඇතුළත් කිරීමට නියමිතයි.