චමින්ද විජේසිරි ඉල්ලා අස්වෙයි – මන්ත්රී ධූරය පුරප්පාඩු වී ඇති බව මැතිවරණ කොමිසමටත් දැනුම්දෙයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී චමින්ද විජේසිරි මහතා සිය පාර්ලිමේන්තු මන්ත්රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්රකාශයක් කරමින් ඒ මහතා පැවසුවේ සිය මන්ත්රී ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාරදුන් බවය.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්රී ධූරයෙන් චමින්ද විජේසිරි ඉල්ලා අස්වීමෙන් පාර්ලිමේන්තු මන්ත්රී ධූරයක් පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තු මහලේකම්වරයා මැතිවරණ කොමිසමට දන්වා තිබෙනවා.
පාර්ල්මේන්තු මන්ත්රී චමින්ද විජේසිරි අද (09) රැස් වූ පාර්ල්මේන්තුවේ දී කථානායකවරයා වෙත සිය අස්වීමේ ලිපිය ලබා දුන්නා.
ඔහුගේ මන්ත්රී ධුරයේ පුරප්පාඩුව සඳහා නයන වාසලතිලක පත් කරන බව සමගි ජනබලවේගයේ ආරංචි මාර්ග පවසනවා.

