ලොව වඩාත්ම ජනප්රිය සංචාරක ගමනාන්ත අතර සිව්වැනි ස්ථානය ශ්රී ලංකාවට

තනි සංචාරයන් සඳහා ලොව වඩාත්ම ජනප්රිය සංචාරක ගමනාන්ත අතර 2024 වසරේ ශ්රී ලංකාව සිව්වැනි ස්ථානයේ සිටින බව ෆෝබ්ස් සඟරාව පවසනවා.
එම වාර්තාවේ දැක්වෙන්නේ දුෂ්කර වසර ගණනාවකින් පසු ශ්රී ලංකාව මේ වනවිට සංචාරක ක්ෂේත්රයේ ඉදිරියට පැමිණෙමින් සිටින බවයි.
ශ්රී ලංකාවට ඉහළින් එම ලැයිස්තුවේ දැක්වෙන්නේ ජපානය, ආජන්ටිනාව සහ ඊජිප්තුව යන රටවල්ය.

