දෙනෝ දාහක් ඉදිරියේ ගුවන් සේවා නිලධාරිනියගේ ගෙළ කපා ඝාතනය කරයි

දෙනෝ දාහක් ඉදිරියේ ගුවන් සේවා නිලධාරිනියගේ ගෙළ කපා ඝාතනය කරයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව පිටවීම අසලදී සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරිනියකගේ ගෙල කපා මරා දමා ඇතැයි පොලිසිය කියයි.

සේවා කටයුතු නිමවා කටුනායක සිට මඩපාත ජබුරලියේ නිවෙස කරා යමින් සිටියමේදී මෝටර් රථයකින් ආ පිරිසක් ඇගේ ගෙල කපා දමා ගොස් ඇති අතර බරපතල තුවාල ලබා සිටි නිලධාරිනිය වෑතර රෝහලට රැගෙන ගොස් ඇති අතර ඒ වන විටත් ඇය මියගොස් සිටි බවයි වාර්තා වෙන්නේ.

ඝාතකයා පැමිණි මෝටර් රථයේ ලියාපදිංචි අංකය ඔස්සේ සිදු කළ මූලික විමර්ශනවලදී එය අනුරාධපුර ප්‍රදේශයේ එකක් බවට මේ වනවිට අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.

අනියම් පෙම් සබඳතාවයක් මෙම ඝාතනයට හේතුව වී ඇති බව තොරතුරු ලැබී ඇතැයි පොලිසිය සඳහන් කරයි