ජංගම දුරකථනයක් මිලදී ගන්න ඉන්න අයට දැනුම්දීමක්

ශ්‍රී ලංකා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත්කර තිබෙනවා.
එම නිවේදනයේ සඳහන් වෙන්නේ පාරිභෝගිකයන් මිලදී ගත යුත්තේ ශ්‍රී ලංකා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව අනුමත කරන ලද ජංගම දුරකථන පමණක් බවයි.
පාරිභෝගිකයන් වංචා සඳහා හසුවීම වැළැක්වීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන අතර එම ආයතනය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ බලාපොරොත්තු වන දුරකථනයට විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය ඇති බව තහවුරු කර ගැනීමට International Mobile Equipment Identity හෙවත් IMEI අංකය පරීක්ෂා කරන ලෙසයි.
IMEI අංකය යනු ‘ ‘ ජාත්‍යන්තර ජංගම උපකරණ අනන්‍යතාව ” යන්නයි. එය සියලුම සෛලීය උපාංග සඳහා යොදවා ඇති සුවිශේෂී 15-සංඛ්‍යාංක අංකයක්.
ජංගම දුරකථන ආවරණ කවරයේ IMEI අංකය පෙන්වන අතර IMEI (හිස්තැනක්) ඉලක්කම් 15 අංකය 1909 වෙත යැවීමෙන් IMEI අංකයේ වලංගුභාවය පරීක්ෂා කළ හැකි බවයි වාර්තා වෙන්නේ.
එවිට ජංගම දුරකථනය ලියාපදිංචි කර තිබේද නැද්ද යන්න පිළිබඳව එමගින් ක්ෂණික පිළිතුරු පණිවිඩයක් ලැබෙනු ඇති.

