ජෝර්දානයේ ලාංකිකයන්ට කඳුළු ගෑස් ප්රහාරයක්

වීසා කාලසීමාව අවසන්ව තිබියදීත් බලහත්කාරයෙන් සේවය ලබාගැනීමට විරෝධය පළ කරමින් ජෝර්දානයේ ලාංකික ශ්රමිකයින් පිරිසක් සිදුකළ විරෝධතාවයකදී එරට පොලීසිය කඳුළු ගෑස් ප්රහාර එල්ල කර විසුරුවා හැර තිබෙනවා.
පොලිසිය සිදුකළ ප්රහාරවලින් සිව්දෙනෙකු ද තුවාල ලබා රෝහල්ගත කළ බවයි විරෝධතාවයට එක් වූ පිරිස් සඳහන් කළේ.
ඔවුන්ගේ ගැටලුවලට මෙරට රජයෙන් හෝ තානාපති කාර්යාලයෙන් මේ දක්වාත් විසඳුම් ලැබී නොමැති පසුබිමක ඔවුන් ඒ සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු කිරීම සඳහා විරෝධතාවයක නිරත වූ බවයි වාර්තා වන්නේ.
මෙම විරෝධතාවලින් පසුව පිරිමි පුද්ගලයින්ව නේවාසිකාගාරවලින් ද ඉවත් කර ඇති අතර කාන්තාවන් නේවාසිකාගාරවලින් ඉවත් කිරීමට සූදානම් වන බවට සඳහන්.

