තවත් සෞඛ්‍ය වෘත්තිය සමිති 10ක් අද වර්ජනයක

තවත් සෞඛ්‍ය වෘත්තිය සමිති 10ක් අද වර්ජනයක

රුපියල් 35,000ක දීමනාවක් ඉල්ලා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඇතුළු අතුරු වෛද්‍ය වෘත්තිය සමිති 10ක සාමාජිකයන් අද පෙරවරු 8 සිට පැය 48ක වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ සඳහන් කළේ වෛද්‍යවරුන් වෙනුවෙන් රුපියල් 35,000ක දීමනා වැඩි කිරීමට ගත් අමාත්‍ය මණ්ඩල තීරණය අනුව තමන්ට ද එම මුදල ලබාදිය යුතු බවයි.

එසේ නොකරන්නේ නම් සියලු සෞඛ්‍ය වෘත්තියවේදීන් ඒකාබද්ධ කරගත් අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ සඳහන් කළා.

මේ අතර තමන්ට ද රුපියල් 35000ක දීමනාව ලබාදෙන ලෙස ඉල්ලමින් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය ඊයේ හදිසි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගෙන තිබුණා.

ගැටලුව පිළිබද සාකච්ඡා කිරීම සදහා කඩිනම් අවස්ථාවක් ලබාදෙන ලෙස ලිපියක් යවමින් ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් ද සිදුකර තිබෙනවා. ඒ අතරම ඔවුන් ඊයේ උදෑසන 8සිට සේවාවලින් ඉවත්ව සිටිනවා.

කෙසේ වෙතත් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ මෙම හදිසි වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව වූ බවයි රෝගීන් කියා සිටියේ

COMMENTS