අලුත් විශ්වවිද්‍යාලයක්

අමෙරිකා එක්සත් ජනපදයේ කීර්තිමත් විශ්වවිද්‍යාලයක සහාය ලබාගනිමින් නව විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයක් පිහිටුවීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා
රජය අපේක්ෂා කරන්නේ එවැනි විශ්වවිද්‍යාලයක් හරහා අතිනවීන ක්‍රමවේද උපයෝගී කරගැනීමට, ගෝලීය අධ්‍යයන සම්බන්ධතා පෝෂණය කිරීමට, පර්යේෂණ සහ සංවර්ධනය සඳහා මූලික පරිසරයක් ඇතිකිරීමට හැකියාවක් ලැබෙනු ඇති බවටයි.
UC Berkeley, UC Riverside, UC Davis, University of Michigan යන විශ්වවිද්‍යාල ඇතුළුව හඳුනාගනු ලබන විශ්වවිද්‍යාල කිහිපයක් අතුරින් එක් හවුල්කාරී විශ්වවිද්‍යාලයක් තෝරාගෙන එම විශ්වවිද්‍යාල සමඟ සහයෝගීතාවයෙන් යුතුව රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයක් වශයෙන් යෝජිත නව විශ්වවිද්‍යාලය ස්ථාපිත කිරීමට නියමිත බවද සඳහන්.

