අග්නිදිග සරසවිය වැසෙයි

ඕලූවිල්හි පිහිටි අග්නිදිග විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨය හැර අනෙකුත් සියලු පීඨ නැවත දැනුම් දෙනතුරු වසා දමා තිබේ.
ඒ, එම ප්‍රදේශය ආශ්‍රිතව පවතින ජල ගැලීම් හේතුවෙනි.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවේ, නේවාසිකාගාරවල සිසුන්ට ඉන් ඉවත් වන්නැයි දැනුම් දී ඇති බවයි.
මේ හේතුවෙන් තාක්ෂණ විද්‍යා පීඨයේ විභාග ද කල් දමා ඇතැයි මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කළේ ය.

